සංගත් ක්‍රිකට් උපදේශක කමිටුවට එන්න බෑ කියයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම වෙනුවෙන් උපදේශක කමිටුවට එක්වෙන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මේ වන විට මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්  හා රොෂාන් මහානාම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. අරවින්දද සිල්වා මහතාගේ තීරණය තවමත් ප්‍රකාශ වී නොමැත. මෙම හිටපු ක්‍රීඩකයන්ට ක්‍රිකට් උපදේශක කමිටුවකට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

මුලින්ම මහේල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ එය කාලය කා දැමීමක් බව පවසමිනි. සංගාද පවසන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමක් අනුව එවැනි කමිටුවක තමන්ද මාස 6ක කාලයක් කටයුතු කළත් එයද කාලය කා දැමීමක් වූ බවයි.

Dfy28mHUYAEqDLI

Kumar-Sangakkara10



Recommended Articles