ශූරතාව සුපර් 565 කණ්ඩායමට - අනුශූරතාව සික්ස් පැක්ස් දිනාගනියි


සම්පත් බැංකු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා (06දා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. මෙවර එහි ශූරතාව දිනාගැනීමට සමත් වූයේ 'සුපර් 565' කණ්ඩායමයි. 'සුපර් 565' කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ 'සික්ස් පැක්ස්' කණ්ඩායම අනුශූරතාව දිනාගත් අතර, තරගාවලිය සඳහා සම්පත් බැංකු ජාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට වැඩි පිරිසක් සහභාගි වූහ. 

මෙවර තරගාවලියේ වඩාත්ම ආකර්ෂණීයම හා විනෝදායන කණ්ඩායම (Best Decoration and Entertainment Team) ලෙසද සම්මානයට පාත්‍ර වූයේ 'සික්ස් පැක්ස්' කණ්ඩායමයි. 

'සික්ස් පැක්ස්' කණ්ඩායමේ හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනූ අමිල විජේකෝන් මෙම තරගාවලියේදී සිය හොඳම දක්ෂතාව (Personal Best) මීටර් 56.67ක දුරක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය. 

තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජය සංකේත ප්‍රදානය සඳහා සම්පත් බැංකු ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සහභාගි විය.

තරග ප්‍රතිඵල

ශූරතාව - සුපර් 565 
අනුශූරතාව - සික්ස් පැක්ස්
වඩාත් ආකර්ෂණීය හා විනෝදායන කණ්ඩායම - සික්ස් පැක්ස්

දක්ෂතම ක්‍රීඩකයන්

දක්ෂතම ක්‍රීඩකයා (මලල ක්‍රීඩා ඉසව්) - ලක්මාල් ජයසිංහ (රෝයල් ලයන්ස්) 
දක්ෂතම ක්‍රීඩකයා (විසි කිරීමේ ඉසව්) - අමිල විජේකෝන් (සික්ස් පැක්ස්) 
දක්ෂතම ක්‍රීඩකයා (පැනීමේ ඉසව්) - මහේන්ද්‍ර කමල් (රෝයල් ලයන්ස්) 

දක්ෂතම ක්‍රීඩිකාවන්

දක්ෂතම ක්‍රීඩිකාව (මලල ක්‍රීඩා ඉසව්) - ෂර්මිලා වානගුරු (සික්ස් පැක්ස්) 
දක්ෂතම ක්‍රීඩිකාව (විසි කිරීමේ ඉසව්) - චතුරි හේරත් (සුපර් 565) 
දක්ෂතම ක්‍රීඩිකාව (පැනීමේ ඉසව්) - පියුමි සේනාධීර (සික්ස් පැක්ස්) 

1CHAMPIONS 2RUNNER UP 39 DSC_1613 (1)



Recommended Articles