ශිලින්ෆෝඩ් - මිලර් කොදෙව් ඉනිම ගොඩනගති


ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අතර සූරියවැවහිදී පැවැත්වෙන පළමු නිලනොවන සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට අද (13දා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින කොදෙව් කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 267ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 14 ඉදිරියෙන් සිටිති.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින ශේන් ශිලින්ෆෝඩ් ලකුණු 56ක් හා නිකිට මිලර් ලකුණු 37 රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා අටවැනි කඩුල්ලට ලකුණු 92ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූහ.

අද දිනය ආරම්භ කරන විට කොදෙව් කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 96 ක් රැස්කරගෙන සිටි අතර, ඉතිරි කඩුලු තුන ලකුණු 57ක් ඇතුළත දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ඔවුන්ට ලකුණු 253ක් පසුපසින් සිටිමින් නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිතරවූ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 64කට කඩුලු 6ක් දවාළීය.

පසුගිය සෙනසුරාදා (11දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දුවාර 140.5 අවසානයේ සියල්ලන් දැවී 413 ක් රැස්කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 413/10 (පන්දුවාර 140.5)

දිමුත් කරුණාරත්න 139 (පන්දු 234, 4x10)

ළහිරු තිරිමාන්න 93 (පන්දු 272, 4x8)

දිනේෂ් චන්දිමාල් 87 (පන්දු 121, 4x9, 6x2)

ජෙහාන් මුබාරක් 25 (පන්දු 85, 4x3)

ශේන් ශිලින්ෆෝඩ් 5/160 (පන්දුවාර 44.5)

නිකිට මිලර් 2/87 (පන්දුවාර 35)

ශනොන් ගේබ්‍රියල් 2/43 (පන්දුවාර 15)

 

කොදෙව් 'ඒ' පළමු ඉනිම160/10 (පන්දුවාර 51)

චද්වික් වෝල්ටන් 50 (පන්දු 90, 4x5, 6x2)

අසාද් ෆුඩාදීන් 32 (පන්දු 57, 4x3)

ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 24 (පන්දු 36, 4x4)

ක්‍රික් එඩ්වඩ්ස් 13 (පන්දු 42, 4x2)

සීක්කුගේ ප්‍රසන්න 6/64 (පන්දුවාර 21)

ශමින්ද එරංග 2/54 (පන්දුවාර 15)

විශ්ව ප්‍රනාන්දු 1/17 (පන්දුවාර 7)

අශාන් ප්‍රියන්ජන් 1/1 (පන්දුවාර 2)

 

කොදෙව් 'ඒ' දෙවැනි ඉනිම 267/7  (පන්දුවාර 73)

ශේන් ශිලින්ග්ෆෝඩ් නොදැවී 56 (පන්දු 86, 4x3, 6x5)

නිකිට මිලර් නොදැවී 37 (පන්දු 75, 4x3, 6x1)

ක්‍රික් එඩ්වඩ්ස් 76 (පන්දු 117, 4x8, 6x2)

ජර්මෙනි බ්ලැක්වුඩ් 39 (පන්දු 50, 4x5)

ළහිරු ගමගේ 3/49 (පන්දුවාර 13)

සීක්කුගේ ප්‍රසන්න 3/114 (පන්දුවාර 27)

 



Recommended Articles