ශාරීරික යෝග්‍යතා සමත් ක්‍රීඩකයන් පමණක් ක්‍රිකට් කණ්ඩායමට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශාරීරක යෝග්‍යතා පරීක්ෂණ සමත් වන ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නව තේරීම් කමිටුවට උපදෙස් ලබාදී ඇත.

ඒ ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව අද (19දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

එමෙන්ම ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාව කලාප0 4කට බෙදා ක්‍රිකට් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

 

 



Recommended Articles