ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට පැසිපන්දු ශූරතාවක්


ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවති අන්තර්පාසල් බාලිකා 'බී' කොටසේ පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය සමත් විය. ඒ අවසන් තරගයේදි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ලකුණු 43-35 ක් ලෙසින් පරාජයට පත් කරමිනි.

තරගයේ පළමු අර්ධය අවසන් වන විටදි ලකුණු තත්ත්වය දැක්වුණේ  ලකුණු 30-16 ක් ලෙසිනි.

ශාන්ත බ්‍රිජට් විදුහලේ මිෂෙල්  කැටගොඩ අවසන් තරගයේ වටිනාම ක්‍රීඩිකාව සම්මානය හිමි කර ගත්තාය.











 

ඡායාරූප - ශමීර රාජපක්ෂ

 



Recommended Articles