ශ්‍රී ලාංකේය නාමය හැඩකළ මලල ක්‍රීඩාකණ්ඩායම දිවයිනට


ඉන්දියාවේ භුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් හා රිදී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) උදෑසන දිවයිනට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් මව්බිමට ළඟා වූ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රන් පදක්කම දිනාගැනීමට මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි (මි. 2.05.23ක) සමත් වූවාය. එම ඉසව්වේම රිදී පදක්කම ගයන්තිකා අබේරත්න (මි. 2.05.27) දිනාගත් අතර, ඇය මීටර් 800 ඉසව්වේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි.

ඔවුන්ට අමතරව රිදී පදක්කමක් දිනාගැනීමට මීටර 200 කාන්තා ඉසව්ව නියෝජනය කළ රුමේෂිකා රත්නායක (තත්. 23.43) සමත් වූ අතර, පිරිමි මීටර් 4x400 ඉසව්වේ රිදී පදක්කමද මව්බිමට දිනාදීමට තරුෂ ධනංජය, කාලිංග කුමාරගේ, අජිත් ප්‍රේමකුමාර හා දිලිප් රුවන් යන අයගෙන් සමත්විත සහාය දිවීමේකණ්ඩායම සමත්විය.

ඉහත පදක්කම් ත්‍රිත්වයට අමතරව කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ රිදී පදක්කමක් දිනා ගත්තාය.මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 23 දෙනෙකුගෙන් සමන්විත (ක්‍රීඩකයන් 15, ක්‍රීඩිකාවන් 08) කණ්ඩායමක් සහභාගි විය.

DSC_8034 DSC_8046 DSC_8048 DSC_8066 DSC_8081 DSC_8083

 ඡයාරූප - ශමීර රාජපක්‍ෂ

 

සංජීව ධර්මසේන / ඡයාරූප - ශමීර රාජපක්‍ෂ

 



Recommended Articles