ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු නිම වෙයි


යොවුන් ආසියානු වොලිබෝල් තරගාවලියේ ඉදිරියට යාමට තිබූ බලාපොරොත්තු අත්හැරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ ජපානය හමුවේ වට 3-0ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් හිමිකර දෙමින් ජපාන කණ්ඩායම වට තුනම ජයගත්තේ 10-25, 14-25ක් හා 13-25ක් ලෙසිනි. 10 වැනි යොවුන් ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 



Recommended Articles