ශ්‍රී ලංකාවේ පැමිණීම ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රහණයක් - මියැන්ඩාඩ්


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ පැවැත්වීම හරහා පාකිස්තානය ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගෙන ඇති බවට පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බව පාකිස්තාන හිටපු සුපිරි පතිකරුවෙකු වෙන ජාවෙඩ් මියැන්ඩාඩ් පවසයි.

අද (26දා) ආරම්භවන  විස්සයි20 තරගාවලියේ අවසන් තරගය ඔක්තෝබර් 29දා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි  පැවැත්වීමට නියමිතය.

 2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.

“මම ජාත්‍යන්තර කණ්ඩායම්වලට ආරාධනා කරනවා පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කරන්න කියලා. පාකිස්තානය ක්‍රීඩා කිරීමට ආරක්ෂිතයි. පාකිස්තානය ක්‍රීඩාවට ආදරය ජාතියක්. මම පාකිස්තාන කණ්ඩායමට කියන්නේ එක්දින තරගාවලිය අමතක කර විස්සයි20 තරගාවලියට පිවිසෙන ලෙසයි.”

164424_1681908_updates copy copy

 



Recommended Articles