ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියාවෙන් එයි


ඉදිරියේදී ඇරඹෙන අන්තර් සමාජ පළමු පෙළ වයස 23 පහළ ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සිවුදෙනෙකු සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් වරම් ලබා ඇති එකම ක්‍රිඩකයා වන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇස්ටන් අගාර්ය. ඔහු ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට නියමිතය.

සෙසු ක්‍රීඩකයන් වන ජේම්ස් මැතිව් මුවර්ස් ක්‍රීඩා සමාජයටත්,  විලියම් බොසිස්ටො එන්.සී.සී ක්‍රීඩා සමාජය‍ටත්, මැතිව් විලියම්ස් සී.සී.සී. කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමටත් නියමිතය.



Recommended Articles