2016- 2017 තරගවාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාලසටහන පසුගියදා එළිදැක්විණ. ඒ සඳහා ටෙස්ට් තරග 03 ක්, එක්දින තරග 05 ක් හා විස්සයි 20 තරග 03 ක් තරගාවලිය සඳහා ඇතුළත්ය.
එළැඹෙන දෙසැම්බර් මස මැද භාගයේ ටෙස්ට් තරගාවලියක් අදාළ සංචාරය ඇරඹෙන අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට එරට ප්‍රධාන පෙළේ විස්සයි 20 තරගාවලිය වන රාම් ස්ලාම් විස්සයි 20 තරගාවලියටද දින වෙන් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. 2017 ජනවාරි 20 වැනි දින විස්සයි 20 තරග ඇරඹෙන අතර ජනවාරි 28 දින සිට එක්දින තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තරගාවලියේ එකම පුහුණු තරගය තුන්දින තරගයක් ලෙස දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම සමග දෙසැම්බර් 18 වැනිදා පැවැත්වේ.

