ශ්‍රී ලංකාවට මව්බිමෙන් පිටතදී එක්දින තරගාවලි ජයක්


සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ඩකාහිදී අද (20දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 62 ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණය සිවු වසරකට පසු ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2010/11 තරග සංචාරයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර 2-1 ලෙස තරගාවලි ජයග්‍රහණයක් ලැබීය. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය තරග 2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසු වේ.

ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 43 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 228 ක් පමණි.

කාසියේ වාසිය දිනූ ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 289/6 රැස්කිරීමට සමත්විය.

කුමාර් සංගක්කාර සිය 17 වැනි එක්දින ශතකය අද වාර්තා කළේය. එය ඔහු බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ පස්වැනි ශතකය විය. ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබීය.     

 

ශ්‍රී ලංකාව 289/6 (පන්දුවාර 50)

කුමාර් සංගක්කාර 128 (පන්දු 115, 4x14)

අශාන් ප්‍රියන්ජන් 60 (පන්දු 97, 4x7)

ඇන්ජලෝ මැතිව්ස්* 56 (පන්දු 39, 4x6, 6x1)

 

බංග්ලාදේශය පන්දු යැවීම

රුබෙල් හුසේන් 76/3 (පන්දුවාර 10)

අර්ෆට් සනී 44/1 (පන්දුවාර 8)

 

බංග්ලාදේශය 228/10 (පන්දුවාර 43)

මුෂ්ෆීකර් රහීම් 79 (පන්දු 83, 4x5, 6x2)

අනාමුල් හක් 42 (පන්දු 46, 4x7)

 

ශ්‍රි ලංකාව පන්දු යැවීම

තිසර පෙරේරා 40/2 (පන්දුවාර 6 )

සචිත්‍ර සේනානායක 33/2 (පන්දුවාර 8)

අජන්ත මෙන්ඩිස් 43/2 (පන්දුවාර 8)

 

 



Recommended Articles