ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 153ක ඉලක්කයක්


කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එක්ව වේගවත්ව ඇරඹූ ශ්‍රී ලංකා ඉනිම ඉන්දියානුවන්ගේ දක්ෂ පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ කඩුළු නමයක් දැවී ගොස් ලකුණු 152කට සීමා විය.

කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ෂර්දුල් ඨාකූර් පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 27ක් ලබාදී කඩුළු 4ක් ලබාගන්නට සමත් විය. 



Recommended Articles