ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 504ක් රැස්කරගෙන සිටියි.

නොදැවී ක්‍රීඩා කරන නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 37ක් රැස්කරගෙන ඇති අතර රොෂ්න් සිල්වා ලකුණු 87ක් රැස්කරගෙන ඇත.

දෙවැනි කඩුල්ල සඳහා වාර්තා ගත ලකුණු 308ක සබඳතාවක් පැවැත්වීමට කුසල් මෙන්ඩිස් (196) හා ධනංජයද සිල්වා (173) සමත්වූහ.

බංග්ලාදේශය පළමු ඉනිමට සියල්ලන්ම දැවි ලකුණු 513ක් රැස්කළේය.

272725



Recommended Articles