ශ්‍රී ලංකාවට ඉන්දියාව පරදියි


පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර  අද (24දා) පැවැති තරගයෙන් ලකුණු 22 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලබාගත් ලකුණු 128 ට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී රැස් කළ හැකිවූයේ ලකුණු 106/9 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදේශිකා ප්‍රබෝධිනී තරගයේ වීරවරිය ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව 128/8 (පන්දුවාර 20)

චමරි අතපත්තු 43 (පන්දු 44)

ඒෂානි කෞෂල්‍යා 34 (පන්දු 29)

පූනම් යාදෙව් 2/20 (පන්දුවාර 3)

ඉන්දියාව 109/9 (පන්දුවාර 20)

ශිකා පාන්ඩේ 22 (පන්දු 19)

උදේශිකා ප්‍රබෝධිනී 2/9 (පන්දුවාර 4)

ඉනෝකා රණවීර 2/18 (පන්දුවාර 4) 



Recommended Articles