ශ්‍රී ලංකාවට 152ක ඉලක්කයක්


සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවනැ ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 239කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 152ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් මේ වන විට පී. සරා ක්‍රීඩාංගණයට වර්ශාව පතිත වෙමින් තිබේ. අද දිනය අවසන් කිරීම සඳහා තවත් පන්දුවාර 38ක් යොමුකළ යුතුවෙයි.

පාකිස්තාන දෙවැනි ඉනිමේදී අසාර් අලී ශතකයක් රැස්කරමින් පාකිස්තාන ඉනිම ගොඩනැංවීමට කටයුතු කළේය.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දුෂ්මන්ත චමීර දෙවැනි ඉනිමේදී කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේදි කඩුලු හතරක් බිඳ දැමීමට සමත්විය.

ඡායාරූප ශාන්ත රත්නායක 

 

 



Recommended Articles