ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සමගින් පදක්කම් තුනක්


තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ පළමු දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් හා රිදී පදක්කම් දෙකක් හිමිකර ගැනීමට සමත්විය.

එහි පළමු අදියර පසුගිය 22දා නිමාවූ අතර දෙවැනි අදියර අද 25දා ආරම්භවීමට නියමිතය. මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මීටර් 800 පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ඉඳුනිල් හේරත් සමත්විය. ඊට අමතරව ශ්‍රී ලංකා මීටර් 100  x4පිරිමි සහාය දිවීමේ කණ්ඩායමද එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්හ.

 

 

 

 



Recommended Articles