ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්


සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා හැමිල්ටන් පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 249ක ඉලක්කයක් ලැබී තිබේ.

නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් සිය එක්දින දිවියේ පස්වැනි ශතකය වාර්තා කළේය.

කඩුලු 2 ලකුණු 158ක්ව ප්‍රබල ස්ථානයක පසුවූ නවසීලන්ත ඉනිමේ කඩාවැටිම ආරම්භ වූයේ එම ලකුණු සංඛ්‍යාවේදී නායක බ්‍රෙන්ඩන් මැකලම් දැවී යාම හේතුවෙනි.

නවසීලත්න කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 90ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ.

 



Recommended Articles