ශ්‍රී ලංකාවට තියුණු ජයක්


ශ්‍රී ලංකාව 2-1 පාකිස්තානය

පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පැවැත්වෙන තුන්වැනි සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර ගෝල 2-1 ක තියුණු ජයක් ලැබීමට සමත්විය.

තරගය ආරම්භයේ පටන් පාකිස්තානු ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය. දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්වුවත් එම අර්ධයේදී තම දෙවැනි ගෝලයද ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගෝල 2-1 ලෙස තරගය ජයගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කණ්ඩායම් නායිකා ජේ.පී. ඉෂාරා මධුෂානි හා උපනායිකා එල්.ඊ. කුමුදුමාලා ගෝල වාර්තා කළහ.



Recommended Articles