ශ්‍රී ලංකාවට ලකුණු 199ක ඉලක්කයක්


බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 198කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 199ක් රැස්කරගත යුතුවෙයි. යම් හෙයකින් ශ්‍රි ලංකා කණ්ඩායම මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙයි..

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව බ්‍රෙන්ඩම් ටේලර් (58) විසින් ලබාගත්තේය. තිසර පෙරේරා (4), ණුවන් ප්‍රදීප් (3), ලක්ෂාන් සඳකැන් (2) කඩුලු දවාගත්හ.

Thisara Perera



Recommended Articles