ශ්‍රී ලංකාවට ලකුණු 231ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කෙල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 352/8ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 231ක ඉලක්කයක් හිමිවිය. නායක විරාත් කෝලි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119කදී නොදැවී ලකුණ 104ක් රැස්කිරීමට සමත්විය. 

ඔහු අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේය. කෝලි අද රැස්කළේ සිය 50වැනි ජාත්‍යන්තර ශතකයයි. (එක්දින 32, ටෙස්ට් 18) 

සුරංග ලක්මාල් හා දසුන් ශානක කඩුලු දෙක බැගින් දවාගත්හ.

269844

 

 



Recommended Articles