ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට සුබ පැතුම්


ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශූරයන්ගේ කුසලානය හිමිකරගත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එහි සභාපති පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ විධායක කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්ස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සුබ පැතුම් පාකිස්තානයට හිමිවන බවයි.

පාකිස්තානය මෙම ශූරතාව ජයග්‍රහණය කිරීම හරහා ක්‍රිකට් යනු අනාවැකි පළ කළ නොහැකි ක්‍රීඩාවක් බවට නැවත වරක් සනාථ කර ඇති බව පෙන්වා ඇති බවත් පාකිස්තාන කණ්ඩායම තරගාවලියේදි දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

India v Pakistan - ICC Champions Trophy Final

 



Recommended Articles