ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්


විස්සයි20 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ අවම ලකුණු සංඛ්‍යාවට නෙදර්ලන්ත කණ්ඩායම (39/10) සීමා කරමින් නව ක්‍රිකට් ලෝක වාර්තාවක්ද සමගින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පැවැති තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (24දා) සමත්විය.

මීට පෙර කෙන්යානු කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 56කට දැවීයාම විස්සයි 20 ලෝක ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව විය.

එසේම නෙදර්ලන්ත කණ්ඩායමෙන් එල්ල ලකුණු 40 ක පහසු ඉලක්කය පන්දුවාර 5කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් වාර්තාවකටද හිමිකම් කීවේ වැඩිම පන්දු ගණනක් ඉතිරිව තිබියදී 20-20 තරගයක් ජයගත් කණ්ඩායම ලෙසිනි.

නෙදර්ලන්තය 39/10 (පන්දුවාර 10.3)

ටොම් කූපර් 16 (පන්දු 18, 4x2)

ඇන්ජලෝ මැතිව්ස් 16/3 (පන්දුවාර 4)

අජන්ත මෙන්ඩිස් 12/3 (පන්දුවාර 2.3)

ලසිත් මාලිංග 5/2 (පන්දුවාර 2)

නුවන් කුලසේකර 0/1 (පන්දුවාර 2)

කඩුලු වැටීම

1/0 ස්ටීවන් (පන්දුවාර 0.3), 2/1 ස්වර්ට් (1.4), 3/1 බරේසි  (1.5), 4/9 බොරෙන් (3.6), 5/25 බී.එන් කූපර් (6.5), 6/33 එල්.ඩබ් කූපර් (8.2), 7/36 වැන් බීක් (9.3), 8/39 බුකාරි (9.6), 39/9 සීලර් (10.1), 39/10 ජමිල් (10.3)  

ශ්‍රී ලංකාව 40/1 (පන්දුවාර 5)

කුසල් ජනිත් 14 (පන්දු 10, 4x2, 6x1)

තිලකරත්න ඩිල්ෂාන් 12* (පන්දු 11, 4x2)

මහේල ජයවර්ධන 11* (පන්දු 10, 4x2)

අසන් මලික් 18/1 (පන්දුවාර 2)

කඩුලු වැටීම

1/20 කුසල් (පන්දුවාර 1.6)

 



Recommended Articles