වෝනර්ගේ ශතකය ඉතිහාසයට


ටෙස්ට් තරගයක පළමු දිනයේදී දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කළ ලෝකයේ පස්වැනි ක්‍රීඩකයා බවට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් පත්ව තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (03දා) දිනයේදීය.

තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස පිවිසි ඔහු පන්දු 78කින් ශතකයක් වාර්තා කරමිනි. තරගයේ පළමු දිනයේදී දිවා ආහාරයට පෙර වෝනර් මෙම දක්ෂතාව දැක්වූවා. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව ඔහු ලකුණු 113ට දැවී ගියා. දිවා ආහාරයට තරගය නිමා කිරීමට විනාඩි 4ක් ඉතිරිව තිබියදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. 

මීට ඉහතදී පාකිස්තානයේ මජීඩ් ඛාන්, ඔස්ට්‍රේලියාවේ චාර්ල්ස් මැකර්ට්නේ, ඔස්ට්‍රේලියාවේ වික්ටර් ට්‍රම්පර් හා ඔස්ට්‍රේලියාවේම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙම දක්ෂතාව දක්වා තිබේ.

 

 



Recommended Articles