ප්‍රධාන අංශ කිහිපයක් යටතේ ශ්‍රී ලංකාවේ වූෂු ක්‍රීඩාව නංවාලීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ නව සභාපති ජානක පුෂ්පකුමාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා ජාතික වූෂු සම්මේලනයට පත්වූ නව නිලධාරී මඩුල්ල හඳුන්වාදීම හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඒ බව ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ වූෂු ක්‍රීඩාව නගාසිටුවීමට පාසල් සංගමය සමගින් අත්වැල් බැඳ ගැනීම, වූෂු පළාත් සංගම් දියුණු කිරීම, ක්‍රීඩා උපදේශකවරුන්ගේ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වීම වැනි ක්‍රියාමාර්ග එහිදී ගැනීමට නියමිත බව හෙතෙම පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ හිටපු සභාපති මානෙල් ධර්මකීර්ති මහතාද එක් වී සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ මහා සභා රැස්වීම පසුගියදා (09) කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ (ඕ.පී.ඒ.) දී පැවැත්විණි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
.jpg)

