ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව එම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනමන ලෝක කුසලානය සාමාජික රටවල්හි ප්‍රදර්ශනය සඳහා රැගෙන යාම ඊයේ (13දා) ආරම්භ කළේය.
ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට ස්කොට්ලන්තය දක්වා ලෝක කුසලානය රැගෙන යෑම ඊයේ (13දා) සිදුකරනු ලැබීය. එය අද (14දා) දක්වා ස්කොට්ලන්තයේදී ප්‍රදර්ශනය කෙරෙයි. රටවල් 12ක ලෝක කුසලානය සංචාරය කිරීමට නියමිත අතර එළැඹෙන ජනවාරි මස 17 වැනිදා එය ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. 18 දා දක්වා එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙයි.
නිසාන් සමාගමේ අනුග්‍රය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන අතර, එළැඹෙන වසරේ පෙබරවාරි 01 දා නැවතත් කුසලානය ඉන්දියාවට ගෙනයාමට නියමිතය.