විස්සයි20 ජය නවසීලන්තයට


සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (09දා) පැවැති එකම විස්සයි20 තරගයෙන් ලකුණු 80ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ශූරතාවද ඔවුන්ට හිමිවිය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 198/5 ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118/8 ක් පමණි.

තම පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමේ ජෝර්ජ් වෝකර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර,  ක්‍රෙග් අර්වින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

නවසීලන්තය පන්දුවට පහරදීම / සිම්බාබ්වේ පන්දුයැවීම

සිම්බාබ්වේ පන්දුවට පහරදීම / නවසීලන්තය පන්දුයැවීම

 

ජෝර්ජ් වෝකර්

 



Recommended Articles