විලියම්සන් - වොට්ලින් නවසීලන්තය ශක්තිමත් කරති


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර වෙලිංටන්හි බාසින් රිසව් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) සිව්වැනි දිනට තරගය අත්හිටු වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 45 ක් රැස්කරගෙන සිටියේය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින කෞෂාල් සිල්වා ලකුණු 20 ක් හා මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදෙමින් සිටින ධම්මික ප්‍රසාද් එක් ලකුණක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ලකුණු 390 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 345 ක් පසුපසින් සිටියි.

ජයග්‍රහණයකින් යුතුව මෙම තරගය අවසන් කිරීමට බලාපොරොත්තු දල්වා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම සියලු බලාපොරොත්තු කේන් විලියම්සන් හා බී.ජේ. වොට්ලින් හයවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත සබඳතාව හේතුවෙන් හකුළා ගැනීමට අද (06දා) සිදුවිය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 118 ක් ඉදිරියෙන් සිටිමින් නවසීලන්ත කණ්ඩායම අද (06දා) ඉනිම ආරම්භ කරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 253 ක් රැස්කරගෙන සිටි අතර, පන්දුවට පහරදෙමින් සිටි කේන් විලියම්සන් ලකුණු 80 ක් හා බී.ජේ. වොට්ලින් ලකුණු 48 ක් රැස්කරගෙන සිටියහ. කෙසේ නමුත් ඊයේ දිනයේදී ඔවුන් දෙදෙනා පාලනය කිරීමට එකඳු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට හෝ නොහැකි වූ අතර, ඒ අවසරයෙන් නවසීලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 524/5 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 390 ක ඉලක්කයක් හිමිවිය.

මෙහිදී තම කුළුඳුල් ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළ කේන් විලියම්සන් ලකුණු 242 ක් රැස්කළ අතර, බී.ජේ. වොට්ලින් ලකුණු 142 ක් රැස්කළේය. එය වොට්ලින් රැස්කළ ඉහළම ටෙස්ට් ඉනිමද විය.

පසුගිය සෙනසුරාදා (03දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 221/10 රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 356/10 රැස්කළේය.

 

නවසීලන්තය පළමු ඉනිම 221/10 (පන්දුවාර 55.1)

කේන් විලියම්සන් 69 (පන්දු 115, 4x9)

හමීෂ් රදෆෝඩ් 37 (පන්දු 53, 4x5)

රොස් ටේලර් 35 (පන්දු 43, 4x5)

නුවන් ප්‍රදීප් 4/63 (පන්දුවාර 16)

සුරංග ලක්මාල් 3/71 (පන්දුවාර 17)

ධම්මික ප්‍රසාද් 2/50 (පන්දුවාර 11.1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම 356/10 (පන්දුවාර 102.1)

කුමාර් සංගක්කාර 203 (පන්දු 306, 4x18, 6x3)

දිනේෂ් චන්දිමාල් 67 (පන්දු 143, 4x8)

දිමුත් කරුණාරත්න 16 (පන්දු 25, 4x2)

ජේම්ස් නීෂම් 3/42 (පන්දුවාර 11)

ඩග් බ්‍රාස්වෙල් 3/93 (පන්දුවාර 24)

ට්‍රෙන්ට් බෝල්ට් 2/75 (පන්දුවාර 24)

නවසීලන්තය දෙවැනි ඉනිම 524/5 (පන්දුවාර 172)

කේන් විලියම්සන් නොදැවී 242 (පන්දු 438, 4x18)

බී.ජේ. වොට්ලින් නොදැවී 142 (පන්දු 333, 4x9, 6x1)

හමීෂ් රදෆෝඩ් 40 (පන්දු 84, 4x5)

ටොම් ලේතම් 35 (පන්දු 86, 4x4)

නුවන් ප්‍රදීප් 3/117 (පන්දුවාර 37)

රංගන හේරත් 1/154 (පන්දුවාර 56)

ධම්මික ප්‍රසාද් 1/102 (පන්දුවාර 28)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 45/1 (පන්දුවාර 17)

කෞෂාල් සිල්වා නොදැවී 20 (පන්දු 49, 4x2)

ධම්මික ප්‍රසාද් නොදැවී 1 (පන්දු 19)

දිමුත් කරුණාරත්න 17 (පන්දු 34, 4x4)

මාර්ක් ක්‍රෙග් 1/0 (පන්දුවාර 2)



Recommended Articles