විනිසුරුට පහරදුන් ජාවාලේන් ක්‍රීඩකයන්ට වැඩ වරදී


ජාවාලේන් කණ්ඩායම හා නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය අතර කොළඹ සිටි පාපන්දු පිටියේ පැවැති චැමිපියනස් ලීග තරගයේදී එහි විනිසුරුට පහරදීමේ සිදුවීමට සම්බන්ධ ජාවාලේන් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට තරග තහනම්  පැනවීමට හා දඩ නියම කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සංගමය අද (17දා) තීරණය කළේය.

ඒ අනුව එම කණ්ඩායමේ එල්.එම්. අලීම් හා එස්. මාධව යන ක්‍රීඩකයන් දෙදෙනාට වසරක තරග තහනමක් හා රුපියල් 10,000 බැගින් දඩ නියම කෙරිණි.

එසේම මැක්සි ලෙට්ටන් හා එම්. ඉස්ම්රලි යන ක්‍රීඩකයන් දෙදෙනාට තරග තුනක තහනමක් මෙන්ම රුපියල් 5000 බැගින් දඩ නියම කර ඇත.

මෙම තරගාවලියේදී ජාවාලේන් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉදිරි සියලු තරග ඉන් ඉවත් කිරීමටත්, එම තරගයේ ජය ගෝල 1-0 ක් ලෙස නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජයට ලබාදීමටත් තීරණය කර තිබේ.

පසුගිය 15දා මෙම සිදුවීම සිදුවූ අතර, තරග තහනම ඊයේ (17දා) සිට ක්‍රියාත්මක බව පාපන්දු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

 



Recommended Articles