වැලෙන්ටිනෝ රොසී අනතුරකට ලක් වෙයි


මෝටෝ ජී.පී. යතුරුපැදි ධාවන ශූර ඉතාලියේ වැලෙන්ටිනෝ රොසී අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කොට ඇත. මෙවර මෝටෝ ජී.පී. යතුරුපැදි ධාවන තරගාවලියේ එළඹෙන සති අන්තයේ (04) ඉතාලියේ පැවැත්වෙන අදියර වෙනුවෙන් පුහුනුවීම් අතරතුර හෙතෙම ඉතාලියේදී මෙම අනතුරට ලක් වී ඇත.

මෙම අනතුරින් ඔහුට කිසිදු බරපතල ආබාධ තත්වයක් ඇතිවී නොමැති නමුත් පපුවට හා උදරයට තුවාල සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෝටො ජී.පි. යතුරුපැදි ශූරතා 9 ක් දිනා සිටින මේාටෝ ජී.පී. යතුරුපැදි ධාවන ක්ෂේත්‍රෙය් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන රොසී මෙවර තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.  

 



Recommended Articles