වළව සුපර්ක්‍රොස් මැයි 13 වැනිදා


ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සංවිධානය කරන 'වළව සුපර්ක්‍රොස්' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළැඹෙන මැයි 13 වැනි දින ඇඹිලිපිටිය උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ සෙවණගල හි ක්‍රාෆ්ට්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ ධාවන ඉසව් 12ක් සහ යතුරුපැදි ධාවන ඉසව් 12ක් සඳහා තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලිය පැවැත් වන්නේ අටවැනි වරටය. වර්තමාන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති රනුල රාජකරුණා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කරන මෙවර 'වළව සුපර්ක්‍රෝස්' තරගාවලිය සඳහා පූර්ණ දායකත්වය සපයනු ලබන්නේ කෝස්වේ පේන්ට් ලංකා පුද්ගලික සමාගමය.

එමෙන්ම විශේෂ අනුග්‍රාහක දායකත්වයකින් සියැට් කැලණි ඉන්ටර්නැෂනල් ටයර් පුද්ගලික සමාගම එක්ව සිටියි. පසුගියදා මෙහි මාධ්‍ය හමුව පැවැති අතර, පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයකි.  

CSK_2114 CSK_2432 CSK_2635 CSK_2923 CSK_2948 CSK_2960

 



Recommended Articles