වහබ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි


පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස්ට් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරියේදී පැවැත්වීමට නිමිත සියලුම තරග  අහිමි වි තිබේ. ඒ ඉන්දීය කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු වළලුකර ආබාධයකට ලක්ව ඇති හෙයිනි.

රියාස්ගේ ආබාධය පිළිබඳව කරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඔහුට  සති දෙකක කාලයක් විවේකයක් අවශ්‍ය බවයි. තරගයේදී පන්දුවාර 8.1ක් යොමුකළ රියාස් ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 87ක් ලබාදුන්නත් එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට ඔහුට නොහැකි විය.



Recommended Articles