වසරේ පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ


ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී පරාජය කරමින් මෙවරද වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි ඕර් සම්මානය තමන් සතු කර ගැනීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාලඩෝ සමත් විය. ඒ ඊයේ (07) සවස පැවති 2016/2017 බැලොන් ඩි ඕර් සම්මාන රාත්‍රියේදීය.

එහිදී රොනාල්ඩෝ සමස්ථ ප්‍රසාද ලකුණු 946 ක් ලබා ගනිද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ලයනල් මෙසී ලබා ගත්තේ ප්‍රසාද ලකුන 670 ක් පමණි. මෙහි තෙවැනි ස්ථානය බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් (ප්‍රසාද ලකුණු 670) හිමි විය.

මෙම සම්මානය හිමිවීමත් සමග රොනාල්ඩෝ සතු බැලොන් ඩි ඕර් සම්මාන සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගිය අතර එය ලොව වැඩිම වාර ගනනක් බැලොන් ඩි ඕර් සම්මානයට පාත්‍ර වූ ලනයල් මෙසී සමගින් සම වීමකි. එමෙන්ම රොනාල්ඩෝ මෙය දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවටය.

මොවුන් දෙදෙනාම 5 වරක් බැගින් මෙහි අනුශූරතාවටද හිමිකම් කියා ඇත.

පසුගිය 2016 වර්ෂය රොනාල්ඩෝගේ පාපන්දු දිවියේ ස්වර්ණමය අවධියක් වීම මෙම සම්මානය ලැබීමට මූලික හේතුවක් විය.

එහිදී ඔහු යුරෝපානු කුසලානය පෘතුගාලයට හිමිකර දීමට මෙන්ම ලා ලිගා කිරුළ ඔහු ක්‍රීඩා කරන ස්පාඤ්ඤ රියල්  මැඩ්රිඩ් කණ්ඩායමට හිමිකර දීමට මුලිකත්වයක් ගත් අතර රියල් මැඩ්රිඩ් වෙනුවෙන් එම වර්ෂයේ පමණක් ඔහ වාර්තා කළ ගෝල සංඛ්‍යාව 42 කි._99115702_ronaldo_getty5



Recommended Articles