වසරේ ක්‍රීඩකයා ජොකොවිච්


ක්‍රීඩාවේ ඔස්කා සම්මානය ලෙසින් හැඳින්වෙන ලොරන්ස් වසරේ ලෝක ක්‍රීඩකයාට හිමි සම්මානය ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් විසින් හිමිකර ගන්නා ලද්දේය. එහි කාන්තා සම්මානය හිමිවූයේ ලෝකයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකාව වන සෙරීනා විලියම්ස්ටය.

සෙරිනා මෙන්ම ජොකොවිච් මෙවර ලෝරනස් ක්‍රීඩා සම්මානයෙන් පිදුම් ලැබුවේ තුන්වැනි වතාවටයි. වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා ලයනල් මෙසීගේ නමද යෝජනා වී තිබුණත් ඔහුට මෙවරද සම්මානය අහිමිවූයේ පස්වැනි වතාවටයි.

 



Recommended Articles