වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ස්මිත්


අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවර හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සමත් වී ඇත.

ඒ මේ වසරට අදාළ අන්තර්ජාතික ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

මෙහිදී ස්මිත්ට වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද හිමි විය.

මෙහිදී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ටද, පන්දුවාර විස්ස හොඳම දක්ෂතාව සම්මානය දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස්ටද හිමි විය.

එළඹෙන වර්ෂයේදී ක්‍රීඩා පිටියෙන් සමුගැන්ම ප්‍රකාශ කළ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ට මෙහිදී ක්‍රීඩාවේ ජීව ගුණය රැකගැනීම වෙනුවෙන් සම්මානය හිමි විය.

 

 



Recommended Articles