වර්ෂාවෙන් බාධා පැමිණියත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමු දිනය ජයගනිති


edit

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට්තරගයේ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීයාව අයහපත් කාළගුණ තත්වය නිසා පළමු දිනය  අවසන් කරන විට පන්දුවාර 11.5 ක් අවසනදී කඩුළු 3 ක් දැවී ලකුණු රැස් කරගෙන සිටියේ ලකුූන 17 ක් පමණි. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින චේතේෂ්වර් පුජාරා ලකුණූ 8ක් රැස් කරගන සිටින අතර අජින්ක්‍යා රහනේ ලකුණු රැස් කරගෙන නොමැත. අයහපත් ආලෝක තත්වය නිසා තරගය මේ වනවිට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක හා  සධීර සමරවික්‍රම ඇතුලත් වූ අතර ඉන්දීය කණ්ඩායම ට හර්දික් පාණ්ඩ්‍යා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් ඇතුලත් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය තීරණය කිරිම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1 දක්වා ප්‍රමාද විය.

කෙසේ වෙතත් ඉන්දීය ඉනිමේ පළමු පන්දුවෙන්ම ලෝකේෂ් රාහුල් දවා ලිමට සුරංග ලක්මාල් සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවි ගියේය.

ඉන්දීය ඉනිමේ ලකුණු 13 ක් සනිටුහන් වන විටදී සුරංග ලක්මාල් ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් ලකුනු   13කට දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදිමෙනි.

නැවතත් ක්‍රියාත්මකවූ සුරංග ලක්මාල් නායක විරාත් කෝලිට මෙම තරගයේදී සාර්ථක වීමට ඉඩක් ලබා නොදෙමින් ලකුණු නොලබාම ඔහුව ක්‍රීඩාගාරයට හරවා යැවීය.

වර්ෂාව හා අයහපත් ආලෝක තත්වය  තරගයට කීප විටක්ම බාධා කිරීම කැපී පෙණින.

 

269706 269725 edit

Capture

 

 

 

 



Recommended Articles