ලෝක කුසලානයේ පළමු තරගයෙන් කාන්තා කණ්ඩායම පරාදයි


කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් ලැබීය.

තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවා 50දී කඩුලු 9ට ලකුණු 188ක් රැස්කළේය. පන්දුවාර 35.3දී ශ්‍රී ලංකා ඉනිම එක් කඩුල්ලකට ලකුණු 141ක් ලෙස දිස්වුවත් ඉතිරි පන්දුවාර 14.3දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8ක් ලකුණු 42කදී දැවි ගියේය.

චමරි අතපත්තු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූයේ පන්දු 66කිනි. ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවා 37.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කළේය. නායිකා සුසී බේට්ස් නොදැවී ශතකයක් රැස්කළාය.

2 New Zealand v Sri Lanka - ICC Women's World Cup 2017



Recommended Articles