ලෝක කණ්ඩායමට අපේ කවුරුත් නෑ


සාමාන්‍යෙයන් ලෝක කුසලාන තරගාවලියකින් පසුව ලෝක කණ්ඩායමක් නම් කරයි. ඊයේ නිමාවූ අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුවද ලෝක විස්සයි20 කාන්තා හා පිරිමි කණ්ඩායම් නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම කණඩායම් දෙකෙන් එක් කණ්ඩායමකටවත් කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ඇතුළත්ව නොමැත.

පිරිමි කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලිට හිමිව තිබේ. කාන්තා කණ්ඩායමේ නායිකාව වන්නේ කොදෙව් නායිකා ස්ටෙෆානි ටේලර්ය.

පිරිමි කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙළට

01.ජේසන් රෝයි (එංගලන්තය), 02.ක්යින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව/කඩුලු රකින්නා), 3. විරාත් කෝලි (ඉන්දියාව/නායකයා) 4. ජෝ රූට් (එංගලන්තය) 5. ජෝස් බට්ලර් (එංගලන්තය) 6.  ශේන් වොට්සන් (ඔස්ට්‍රේලියාව) 7. ඇන්ඩ්‍රේ රසල් (කොදෙව්) 8.  මිචෙල් සැන්ට්නර් (නවසීලන්තය) 9.  ඩේවිඩ් විලී (එංගලන්තය) 10. සැමුවෙල් බද්‍රී (කොදෙව්) 11. අශිෂ් නෙහරා (ඉන්දියාව) 12 මුශ්ටෆිසූර් රෙහෙමාන් (බංග්ලාදේශය)

කාන්තා කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙළට 

01. සුසී බේට්ස් (නවසලීන්තය), 02. චාලට් එඩ්වර්ඩ්ස් (එංගලන්තය), 03. මෙග් ලැනින් (ඔස්ට්‍රේලියාව), 04. ස්ටෙෆානි ටේලර් (කොදෙව්), 05. සොෆී ඩිවියින් (නවසීලන්තය),06. රචෙල් ප්‍රිස්ට් (නවසීලන්තය) 07.ඩෙන්ඩ්‍රා ඩොටින් (නවසීලන්තය/කඩුලු රකින්නිය), 08.මෙගන් ස්චුට් (කොදෙව්), 09.සුනේ ලූස් (දකුණු අප්‍රිකාව) 10. ලේ කැස්පෙරේක් (නවසීලන්තය), 11.ආන්යා  ෂුබ්රෝස් (එංගලන්තය), 12. ආනම් අමීන් (පාකිස්තානය)









 



Recommended Articles