ලෝකයේ 58 වැනියා නිලූකට පරදියි


බැඩ්මින්ටන් පිරිමි කේවල ‘පී’ කාණ්ඩයේ ශ්‍රී ලංකා ක්‍රීඩක නිලුක කරුණාරත්නගේ තුන්වන තරගය ඊයේ (13දා) පැවතුනා. ඒ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 58 වන ස්ථානයේ සිටි පෝලන්ත ජාතික ඒඩ් ගේන්ඩල්කෝ සමගයි. නිලුක කරුණාරත්න ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 93 වන ස්ථානයේ පසුවුණා. නිලුක හා ඩොල්කෝ අතර පැවති තරගයෙන් වට 2-0ක් ලෙස නිලූක තරගයෙන් ජයලැබීමට සමත්වුණා. එහි ලකුණු තත්ත්වය දැක්වුණේ  21/19 හා 24/22 ක් ලෙසයි.

unnamed-(1) unnamed-(2) unnamed

 



Recommended Articles