(VIDEO) ලෝකයේ ශ්‍රේෂ්ඨ කිමිදුම්කාරිය ලෙස අර්ථ දැක්වෙන රුසියානු ජාතික 53 හැවැරිදි නටාලියා මොල්චානෝවා මධ්‍යධරනී මුහුදේ පිහිටි ඉබීසා දූපතට අයත් මුහුදේ කිමිදෙමින් සිටින විට අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ඉරිදා දිනයේදි ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. ඇය කිමිදීමෙන් පසුව නැවතත් මතුපිටට පැමිණීමට අපොහොසත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇයව සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. ඊයේ වෙන විටත් ඇය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඇය කිමිදුම්වාර්තා 41ක් පිහිටුවා තිබෙන අතර 23 වතාවක් ලෝක නිදහස් කිමිදුන් ශූරතාව ජයග්‍රහණය කර තිබෙනවා.


