ලෙයිසෙස්ටර් ජය පසුපස පවතින පින


 මැන්චෙස්ටර් සිටි, මැන්චෙස්ටර් යුනයිටඩ්, චෙල්සි, ආසනල් යන ප්‍රබල කණ්ඩායම් අබිබවමින් ලෙයිසේස්ටර් සිටි  කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග තරගාවලියේ පෙරමුණට පත්ව තිබීම බොහෝ දෙනෙකුගේ විමතියට පත්ව ඇති කරුණකි. මෙවර තරගවාරයේ තවත් හතරක් තමන්ට ක්‍රීඩා කිරීමට තිබියදී ලෙයිසෙස්ටර් සිටි කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන තිබේ.

තරග 34කදී ලෙයිසෙස්ටර් සිටි කණ්ඩායම රැස්කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 73කි. එහි දෙවැනි ස්ථානයේ පසුවෙන ටොටන්හැම් කණ්ඩායම තරග 33කදී ප්‍රසාද ලකුණු 68ක් රැස්කරගෙන තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී බොහෝ දෙනෙකු මෙවර තරගාවලියේ ලෙයිසෙස්ටර් සිටි කණ්ඩායමේ වෙනස පසුපස පවතින කාරණාව පිළිබඳව අවධානය යොමු කළේය.

ඒ පිළිබඳව අදහස් දක්වා සිටින තායිලන්ත ස්වාමීන්වහන්සේ නමක් කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. උන්වහන්සේ පවසන්නේ ලෙයිසෙස්ටර් සිටි කණ්ඩායම පසුපස තිබෙන සාර්ථකත්ය පාපන්දු ක්‍රීඩකයන් වන ජැමී වර්ඩි, රියාඩ් මහ්රෙස් හෝ කළමණාකරු ක්ලව්ඩියෝ රනිරියේරි නොව 'හොඳ කර්මය' (පින) වන බවයි.

ලෙසියෙස්ටර් සිටි කණ්ඩායමේ හිමිකරුවා වන්නේ කෝටිපති ව්‍යාපාරික විචායි ශ්‍රීවධාන්ප්‍රභායි. ඔහු තායිලන්ත ජාතිකයෙකු වන අතර බෞද්ධයෙකු ලෙසද සඳහන් වෙයි.  මෙම කෝටිපති ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයකදී තායිලන්ත බෞද්ධ හිමිවරුන් කණ්ඩායමට කැඳවා කණ්ඩායමට මෙන්ම ක්‍රීඩකයන්ට ආශීර්වාද කිරීමට කටයුතු කළේය. 

ලෙසියෙස්ටර් සිටි කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වන ප්‍රා ප්‍රෝම්මන්ග්කාලචාන් හිමි, 

"එය මැජික් බලයෙන් කළ දෙයක් නෙමෙයි. එය විචායිගේ හොද පැතුම් නිසා මෙන්ම ලෝකයේ සිටින බොහෝ ප්‍රේක්ෂකයන් කළ පැතුමක්. ඒ වගේම මම විශ්වාස කරනවා විචාය් කරපු  හොඳ කර්මය (පින) මේ සඳහා හේතුවයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙරව ප්‍රිමියර් ලීග කිරුළ ලෙයිසෙස්ටර් සිටි කණ්ඩායම හිමිකරගන්නවා" යැයි පැවැසූහ.

04-19 - Copy 4ff458733e2cd7dbf7ca7464c00ca364_715__2 - Copy 170add6ba0b18f04ad5d9a9edd843505759a2484 - Copy

ප්‍රා ප්‍රෝම්මන්ග්කාලචාන් හිමි

334AF23C00000578-3545789-image-a-86_1460982067004 334AF27000000578-3545789-image-a-89_1460982076228 - Copy 3345A5EC00000578-3545789-Billionaire_Vichai_Srivaddhanaprabha_has_presided_over_a_remarka-m-48_1460986241407 - Copy

ලෙසිසෙස්ටර් සිටි හිමිකරු විචායි

12662541_10153218992836782_7504789387637519758_n Leicester-City7 leicester-monks-021016-getty-ftr_gjheix6tfk6t11tkx93rki0qp

ඩේලිමේල් ඇසුරෙනි

 

 

 

 



Recommended Articles