ලුවිස්ගේ වාර්තාව අහිමි කිරීමට පොලාඩ් යැවූ නිපන්දුව


ප්‍රතිවාදී ක්‍රීඩකයාට ශතකයක්  ලබාගැනීමට ඇති අවස්ථාව අහිමිකරමින් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණක්  ලබාදම සඳහා හිතා මතාම නිපන්දුවක් යොමුකිරීමේ සිදුවීමක් කැරිබියන් ප්‍රිමියර් ලීග තරගාවලියේ වාර්තා වෙයි.

බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් මෙම නිපන්දුව යොමුකර ඇත්තේ ක්‍රිස් ගේල් නායකත්වය දරණ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් කණ්ඩායමට එරෙහිවය.

තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් බාබඩෝස් කණ්ඩායම කඩුලු 9ට ලකුණු 128ක් රැස්කළේය. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශාන්ත කිට්ස් කණ්ඩායම පන්දුවාර 7.1කින් එම ඉලක්කය සපුරාගත්තේය.

පන්දුවාර 7ක් අවසානයේදී ශාන්ත කිට්ස් කණ්ඩායම ලකුණු 128ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන්ට තරගයෙ ජයග්‍රහණය සඳහා ලකුණක් අවශ්‍ය තිබූ අතර ලුවිස් පන්දු 31කදී ලකුණු 97ක් රැස්කර තිබුණි.

අටවැනි පන්දුවාරය යොමුකිරීම ආරම්භ කළේ බාබඩෝස් නායක කිරන් පොලාඩ්ය. කිසිවෙකුත් නොසිතූ පරිදි පොලාඩ් මෙහිදී නිපන්දුවක් යෙමුකර ශාන්ත කිට්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබාදුන් අතර ලුවිස්ට ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි කළේය.

යම් හෙයකින් එම පන්දුව සාමාන්‍ය පන්දුවක් වි ලුවිස් සිය ශතකය සම්පූර්ණ කළේ නම් ඔහු පන්දු 32කදී ශතකය රැස්කරන අතර එය ලෝකයේ වේගත්ම දෙවැනි ශතකය ලෙස වාර්තා අතරට එක්වීමට අවස්ථාව තිබුණි.

අයි.පී.එල්. තරගාවලියේදී පන්දු 30කින් ශතකයක් රැස්කර ඇති ක්‍රිස්ගේලේ ලෝකයේ වේගවත්ම ශතකයට හිමිකම් කියයි. කෙසේ වෙතත් පොලාඩ්ගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිසක් ඒ පිළිබඳව සිය විවේචන එල්ල කර තිබේ.

_97656229_pollard_getty2

EvinLewis

DI4raoqVYAAmboj3 1504527013-pOLL_1   methode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2F1e06c368-91ad-11e7-8177-dcdb1e4e95ab

 



Recommended Articles