ලක් කණ්ඩායමට එරෙහිව එංගලන්ත මාධ්‍ය වැඩ අරඹයි


දීර්ඝ එංගලන්ත හා අයර්ලන්ත ක්‍රිකට් සංචාරයක් සඳහා නශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපලින් එංගලන්තයට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායම උණුසුම් හා සුහදශීලි ලෙසින්  ලන්ඩනයේ වැඩබලන මහා කොමසාරිස් සුගීශ්වර ගුණරත්න මහතා පිළිගත්තේය.

මේ වනවිට එංගලන්තයේ කාලගුණය දැඩි සීත බවත් එයට හුරුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුවන බවද ඔහු පැවැසීය. බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය දුර්වල කිරීමට සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කරන කාලයට පමණක් දකින්නට ලැබෙන අනිත් කාලවලදී සොයා ගන්නට පවා අපහසු කැපී පෙනෙන්න පමණක්ම දඟලන "හොහපුටුවන්" ලෙස හඳුන්වන පිරිස මේ වනවිටත් එළියට බැස ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

4f6b9044-b994-41d1-878c-8a51f9d46931 6d4c7918-d7f8-4af3-a15a-45d9c6cfb947 52a2146b-f701-4440-92f8-7a246f6af234

52d8fe63-e269-4622-9bd9-ca082c9aadbb 30702502-07bb-43a1-a11e-8908ae412f12

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට/ ඡායාරූප ප්‍රනීත් හෙට්ටිආරච්චි



Recommended Articles