ලක්මාල්ට දඩ


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට එංගලන්තයට එරෙහිව පැවැති තරගයේ තරග ගාස්තුවෙන් 30%ක  දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඒ ඔහු පිතිකරු අනතුරට ලක්කරන 'බීමර්' පන්දු දෙකක් එක් පන්දු වාරයකදී යොමුකිරීම හේතුවෙනි.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරය ලක්මාල් යොමුකළ අතර, එහිදී ඔහු බට්ලර්ට එරෙහිව මෙම පන්දු යැවීම සිදුකළේය.

ඒ අනුව ඔහුව පන්දු යැවීමෙන් ඉවත් කිරීමටත් තරග විනිසුරුවරයා කටයුතු කළේය.



Recommended Articles