රොෂේන්ගේ අර්ධ ශතකයෙන් තරගයේ පාලනය ලංකාවට


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 200ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් කඩුලු 2ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ඉදිරියෙන් පසුවෙයි.

දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටින රොෂේන් සිල්වා ලකුණු 58ක් රැස්කරගෙන ඇති අතර සුරංග ලක්මාල් ලකුණු 7ක් රැස්කරගෙන සිටියි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 222ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.

CRICKET-BAN-SRI

 



Recommended Articles