රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ දේශීය තරග එළඹෙන 19 දා ඇරඹෙයි


සරසවි සිසුන් සඳහා වන එකම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් (RBCC) ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දේශීය මට්ටමේ තරග එළඹෙන ජූනි 19 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ. ශ්‍රි ලංකාවේ සරසවි හා උසස් අධ්‍යාපන ආයතන සහභාගී වන මෙම තරගාවලිය හත්වැනි වරට පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන්නේ සිව්වැනි වතාවටය. තරගාවලියට මෙවර කණ්ඩායම් 24ක් සහභාගී වන අතර මෙහි ආරම්භක තරග කොළඹ බී.ආර්. සී. හා කෝල්ට්ස් ක්‍රීඩාංගණහීදී පැවැත්වේ. තරගාවලියේ දේශීය මට්ටමේ තරගහිදී ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන තරග වලට සහභාගි වීමට අවස්ථාව හිමිවේ. 2012 වර්ෂයේදී ආරම්භ වූ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා (11) කොළඹදී පැවැත්විණි. මෙවර තරගාවලියේ සන්නාම තානාපති ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක හා අන්තර්ජාතික තරග තීරක රොෂාන් මහානාම මහතා පත් කොට ඇති බව මෙහිදී සංවිධායකයින් දැනුම් දුණි.  මෙම අවස්ථාව සඳහා තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කරන, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම හා දේශීය තරගාවලියට සහභාගි වන කණ්ඩායම් නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

CSK_3217

CSK_3246 CSK_3254

තරගාවලියේ සන්නාම තානාපති රොෂාන් මහානාම (වමේ) හා තරගාවලි අධක්ෂ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා

CSK_3256 CSK_3260 CSK_3269 CSK_3273 CSK_3303

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්  තරගාවලියේ නිළධාරීන් සමග

 

ඡායාරූප- ක්‍රිශාන් රණසිංහ



Recommended Articles