රූට් 2018 IPL තරගාවලියට සහභාගි නොවිය යුතුයි - ට්‍රෙවර් බේලිස්


එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් එළැඹෙන අයි.පී.එල් තරගාවලියේදී විවේක ගන්නේ නම් හොඳ බව එංගලන්ත කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු මෙන්ම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් මහතා පවසා සිටී.

%අයි.පී.එල්^ ශූරතා දෙකක් කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට හිමිකරදීමට පුරෝගාමී වූ බේලිස් ජෝ රූට් ගේ වර්තමාන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඉහත අදහස් පළකර සිටියේය.

විශේෂයෙන්ම ජෝ රූට් ඔස්ට්‍රේලියාව සමග පැවැති අළු බඳුන තරගාවලියේදී අසාර්ථක වූ බව එංගලන්ත පුහුණුකරුගේ අදහසයි. එහෙයින් රූට් විවේක ගනිමින් තම අඩුපාඩු නිවුරුදි කරගැනීමට උත්සාහ කළ යුතු බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියි. 

trevor-bayliss-and-joe-root-afp_806x605_41515572991  



Recommended Articles