ස්කොට්ලන්තයේ පැවැති 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදුන් සුදේශ් පීරිස් අද (06දා) උදෑසන දිවයිනට පැමිණියේය.
ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැණිනි.
ඉන් අනතුරුව සුදේශ් පීරිස් ක්‍රීඩා අමාත්‍යාංශයේදීද විශේෂ පිළිගැනීමකට ලක්කෙරුණු අතර, එහිදී ඔහුගේ දක්‍ෂතාව ඇගයීම වෙනුවෙන් රු. ලක්ෂ 30ක මුදලක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර ඇත. ඔහුට අමතරව සුදේෂ්ගේ පුහුණුකරුටද රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත.
ඡායාරූප ක්‍රීඩා අමාත්‍යාංශය

