රාජස්ථාන් - චෙන්නායි දිනයි


රාජස්ථාන් ලකුණු 10කින් කොල්කටා පරදයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (05දා) සන්ධ්‍යාවේ අහමදබාද්හිදී පැවැති තරග‍යෙන් ලකුණු 10ක තියුණු ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 කදී ලකුණු 170/6 රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස කොල්කටා කණ්ඩායමට 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160/6 ක් පමණි. කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රවීන් තම්බේ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

රාජස්ථාන් 170/6 (පන්දුවාර 20)

කරුන් නයිර් 44 (පන්දු 35, 4x4, 6x1)

සංජු සැම්සන් 37 (පන්දු 31, 4x3)

අජින්ක්‍යා රහානේ 30 (පන්දු 22, 4x3, 6x1)

සුනිල් නාරින් 28/2 (පන්දුවාර 4)

විනේ කුමාර් 42/2 (පන්දුවාර 4)

කොල්කටා 160/6 (පන්දුවාර 20)

රොබින් උතප්පා 65 (පන්දු 52, 4x5, 6x3)

ගෞතම් ගාම්භීර් 54 (පන්දු 34, 4x6, 6x1)

ශකීබ් අල් හසන් නොදැවී 21 (පන්දු 14, 4x1, 6x1)

ශේන් වොට්සන් 21/3 (පන්දුවාර 4)

ප්‍රවීන් තම්බේ 26/3 (පන්දුවාර 4)

 

චෙන්නායි කඩුලු 8 කින් දිල්ලි පරදයි

දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (05දා) රාත්‍රියේ දිල්ලිහිදී පැවැති තරගයෙන් කඩුලු 08ක තියුණු ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

දිල්ලි කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 179 ක ඉලක්කයට පිළිතුරු ඉනිම සැපයූ චෙන්නායි පිතිකරුවෝ 19.4 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 178/5 ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ඩ්වෙන් ස්මිත් සම්මාන හිමිකරගත්තේය.

දිල්ලි 178/5 (පන්දුවාර 20)

දිනේෂ් කාර්තික් 51 (පන්දු 36, 4x2, 6x2)

මුරලි විජේ 35 (පන්දු 30, 4x2, 6x1)

රවින්ද්‍ර ජඩේජා 23/1 (පන්දුවාර 4)

චෙන්නායි 181/2 (පන්දුවාර 19.4)

ඩ්වෙන් ස්මිත් 79 (පන්දු 51, 4x4, 6x8)

සුරේෂ් රයිනා (නොදැවී) 47 (පන්දු 27, 4x6, 6x1)

වේන් පානෙල් 25/1 (පන්දුවාර 4)

 

 

 



Recommended Articles