රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (26දා) අබුඩාබිහිදී පැවැති 14 වැනි තරගයෙන් කඩුලු හයක පහසු ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.
	ලකුණු 71 පහසු ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් පිතිකරුවෝ තරගයේ 13 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර ගියහ. 
	රාජස්ථාන් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 15 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 70 පමණි.
එය අයි. පී. එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය තෙවැනි අඩුම සංඛ්‍යාවද වෙයි. මීට පෙර බැංගලෝර් කණ්ඩායම විසින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම ලකුණු 58කට දවාලීම එම තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාවවේ. තරගයේ වීරයා ලෙස ප්‍රවීන් තම්බේ සම්මාන ලැබීය.
	
	බැංගලෝර් 70/10 (පන්දුවාර 15)
	
	විරාට් කෝලි 21 (පන්දු 25, 4x3)
	මිචෙල් ස්ටාක් 18 (පන්දු 16, 4x2)
	රවි රාම්පොල් 13 (පන්දු 13, 6x1)
ප්‍රවීන් තම්බේ 20/4 (පන්දුවාර 4)
කේන් රිචර්ඩ්සන් 18/2 (පන්දුවාර 4)
රාජස්ථාන් 71/4 (පන්දුවාර 13)
	
	ෂේන් වොට්සන් 24 (පන්දු 24, 4x1, 6x2)
	අජින්ක්‍යා රහානේ 23 (පන්දු 19, 4x4)
	අභිෂේක් නායර් 11* (පන්දු 17, 4x1) 
	මිචෙල් ස්ටාර්ක් 29/2 (පන්දුවාර 4)
	යුෂ්වින්ද්‍ර චාහල් 17/1 (පන්දුවාර 3)
	

