රාජකීයයෝ පරදා විද්‍යා විදුහල අවසන් තරගයට


මයිලෝ අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය.

ඒ තරගාවලියේ අවසන් පූර්ව වටයේ අද (06දා) පැවති දෙවැනි තරගයෙන් මෙවර ලීග් ශූරයන් වූ කොළඹ රාජකීය විදුහල පරදා ලකුණු 52-26 ක පහසු ජයක් ලබමිනි.

කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති මෙම තරගය පළමු අර්ධයේදීම සියතට ගත් විද්‍යා ක්‍රීඩකයෝ,  පළමු අර්ධය අවසන් වනවිටදී ලකුණු 38-05 ක් ලෙස ඉදිරියෙන් සිටීමිට සමත් වූහ.

විද්‍යා විදුහල ගෝල දිනුම් 6 ක් හා උත්සාහක දිනුම් 2 ක් මගින්ද, රාජකීය විදුහල ගෝල දිනුම 3 ක් හා උත්සාහක ආධාරයෙන්ද සිය ලකුණු රැස්කළේය.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු 



Recommended Articles